හිටපු ඇමතිවරු 6ක් ඇතුළු ආරක්‍ෂක ප්‍රධානියෙකු පසුපස CIDය ලුහුබඳී.!

රජයේ ආරංචි මාර්ග පවසන්නේ බරපතළ මූල්‍ය අපරාධ, මනුෂ්‍ය ඝාතන, මිනිස් ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධව හිටපු ප්‍රබල අමාත්‍යවරුන් 6 දෙනෙකු සහ හිටපු දේශපාලන ප්‍රබලයෙකුගේ ආරක්‍ෂක ප්‍රධානියෙකු සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

පසුගිය පාලන සමය තුළ ඔවුන් විසින් සිදුකරන ලද එවැනි විවිධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැනට ලැබී ඇති පැමිණිලි මත සහ ලබා දී ඇති තොරතුරු මත මෙම විමර්ශන ආරම්භ කර ඇතිබව එම ආරංචි මාර්ග තවදුරට ත් පවසයි.

අදාල ඇමැතිවරුන් මෙන් ම හිටපු දේශපාලන ප්‍රබලයෙකුගේ ආරක්ෂක ප්‍රධානියෙකු ද ඒ අනුව නුදුරේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා කට උත්තර ලබා ගැනීමේ නියමිත බව වාර්තා වේ.

එමෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ඉල්ලා අස්කර ගන්නා ලද සහ අධිකරණයේදී තාක්ෂණික කරුණු ප්‍රතික්ෂේප වූ නඩු කිහිපයක් ද යළිත් පැවැරීම කෙරෙහි මේ වන විට කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද මෙම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.