By unusuma.lk on
(LK time)මහනුවර “සිරි දළදා වන්දනාව” අද (27) දින පස්වරු 5.30ට නිල වශයෙන් අවසන් කෙරෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් සඳහන් කරයි.
දිවයින පුරා 500,000 කට අධික ජනකායක් දන්ත ධාතූන් වහන්සේ දැක වන්දනාමාන කරගැනිමට පැමිණ ඇති නිසා මහනුවර නගරය කැළිකසලවලින් අපවිත්‍රවී ඇත.
එනිසා නගරය කඩිනමින් පිරිසිදු කිරීමට සියලු රාජ්‍ය ආයතන එක්ව ‘ක්ලීන් කැන්ඩි’ ව්‍යාපෘතිය අද දින පස්වරුවේ සිටම ආරම්භ කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.
මේ අතර සිරි දළදා වන්දනාව සාර්ථක කර ගැනීමට සහාය දැක්වූ කම්කරුවන් ඇතුළු පාර්ශ්වවලට අද දින සිරි දළදා වන්දනාව අවසන් කිරීමට පෙර විශේෂ අවස්ථාවක් ලබාදීමට තීරණය කළ බවද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.