By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකාවේ ආර්ථික මරමස්ථානයක් ලෙස සැළකෙන කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක කොටස් හිමිකාරත්වය ඇති ජපානයේ ‘ඔනොමිචි ඩොක් යාඩ්’ සමාගම මෙරටින් ඉවත්ව යාමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඔනොමිචි ඩොක් යාඩ් සමාගම මේ පිලිබදව සිය ප‍්‍රධාන කොටස් හිමියන්ටද දැනුම් දී ඇති අතර විසින් කොළඹ ඩොක්යාඩ් සමාගම වෙත දන්වා ඇත්තේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය මත මෙම පියවර ගැනීමට තීරණය කළ බවයි.
මෙම තත්වය මත කොළඹ ඩොක්යාඩ් අධ්‍යක්‍ෂ මණ්ඩලය කොටස් හිමියන්ට දන්වා ඇත්තේ නව උපායමාර්ගික හවුල්කරුවෙකු සඳහා මූලික සාකච්ඡා කරමින් සිටින බවයි.