අද (15) දින පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පකිස්තාන තරගය සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
මෙම තරගය නරඹන්නට පැමිණෙන සියළුම ක්‍රීඩාලෝලීන් විසින් ක්‍රීඩාංගනය තුළට ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල් රැගෙන ඒමෙන් වළකින ලෙසත් පානීය ජල අවශ්‍යතාව සඳහා ක්‍රීඩාංගණය තුළ සියලුම පහසුකම් සලසා ඇති බවද පොලීසිය සඳහන් කරයි.
විශාල ගමන් මලු, හෙල්මට්, ජැකට්, මත්පැන් හා සංගීත භාණ්ඩ කිසිවක් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒමෙන් වැළකිය යුතු බවත්, ඩ්‍රෝන උපකරණ, පිහි වැනි උපකරණ, ඉලෙක්ට්‍රොනික් අයිතමයන් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒමට අවසර හිමි නොවන බවද පොලීසිය සඳහන් කරයි.
කිසිදු අයෙකු බීමත්ව හෝ කලහකාරී ලෙස හෝ අශෝභන ලෙස හැසිරෙන්නේ නම් ඔවුන්ට විරුද්ධව තදින්ම නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවත් ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයට ඇතුළු වීම සඳහා පස්වරු 3.00 සිට සියලු දොරටු විවෘත කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.
මෙම තරගයේ ආරක්ෂක රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 2,000ක් යොදවා ඇති අතර ක්‍රීඩංගණය අවට රථ වාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් 600ක් පමණ යොදවා ඇති බවද පොලීසිය සඳහන් කරයි.

