කොළඹ නගරාධිපති කවුද.? දින නියම වෙයි.!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසුව අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීන්ගේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස (16) දින පැවැත්වෙන බව නිවේදනය කරයි.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ජුනි (16) වන දින උදෑසන 9.30 කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ආරම්භ වීමට නියමිත අතර එහි පළමු කාර්යය ලෙස නව නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සිදුවනු ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments