By unusuma.lk on
(LK time)අද (07) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ විපක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ එක්ව කොළඹ මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයෙක් පත්කර ගන්නා බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජබ මහ ලේකම්වරයා,
“මේ මැතිවරණයේදී විපක්ෂයේ සියලු පක්ෂ තමන්ගේ ඡන්ද ප්‍රතිශතය වැඩිකරගෙන තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවට මහ මැතිවරණයේ තිබුණු ජනවරම මේකෙදි අහෝසි කරලා තියෙනවා. ඒ කියන්නේ විපක්ෂය ලැබූ ජයග්‍රහණයක්. මාස 05කින් මේ රටට එපා වුණ ආණ්ඩුවක් විදිහට තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව අපි දකින්නේ. අපි පැහැදිලිව ආණ්ඩුවට පෙන්නවා ඉදිරියේදී මේ පළාත් පාලන ආයතන පිහිටුවද්දි විපක්ෂයේ කාණ්ඩයන් සියල්ල එක්තුකරලා පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක් අපි පිහිටුවන්න යනවා”
මේ අතර සජබ කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂකයා ආචාර්ය, රුවේස් හනීෆා මහතා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පුරපති ධුරය සඳහා ආචාර්ය, රුවේස් හනීෆා මහතා තෝරා ගැනීමට විපක්ෂයේ අනෙකුත් පක්ෂවල සහාය ලබාගැනීමට සජබ සාකච්ඡා කරමින් පවතින බවද වාර්තා වෙයි.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ම ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුවද, කොළඹ මහනගර සභාව, කොළොන්නාව සහ සීතාවකපුර නගර සභා මෙන්ම සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමිකර ගැනීමට ඔවුන්ට නොහැකි විය.
කොළඹ මහනගර සභාව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රී ධුර 48ක් තේරී පත්විය.
නමුත් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ස්වාධීන කණ්ඩායම් 3 සහ සර්වජන බලය යන පක්ෂ අතර බෙදී ගිය මන්ත්‍රී ධුර සංඛ්‍යාව 69කි.