By unusuma.lk on
(LK time)අද (24) දින පෙරවරු 10.24 ට පමණ මෙරට ප්රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,000 සීමාව අභිබවා ගියේය.
ඉන් අනතුරුව පෙරවරු 11.15 පමණ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 212කින් ඉහළ ගොස් ඒකක 15,022.77 සීමාවට පැමිණ තිබුණු අතර රු. බිලියන 3.84 ඉක්මවූ පිරිවැටුමක් ඒ වන විට වාර්තා වී තිබුණි.
දිනෙන් දින නව වාර්තා තබමින්, එම වාර්තා බිඳ දමමින් කොළඹ කොටස් වෙළඳපොල මේ වනවිට ඉතා සීග්ර වර්ධනයක් ලබාගෙන සිටිනා අතර මෙය ශ්රී ලංකා ඉතිහාසයේ නව ආර්ථික සංධිස්ථානයක් සනිටුහන් කර ඇති බව ආර්ථික විෂ්ලේශකයෝ පවසති.