By unusuma.lk on
(LK time)පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුනේ මහජනතාව පීඩාවට පත් කරනා වෙළෙඳ මාෆියාව සමග හොර රහසේ ගනුදෙනු කරන පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතින බවයි.
හේමන්ත සමරකෝන් මහතා වැඩිදුරටත් පැවසූවේ මෙම නිලධාරින් කාලාන්තරයක් තිස්සේම මෙම ජාවාරමේ යෙදෙන බවට වාර්තා වන බවත් ඒ පිළිබඳව ලිඛිතව පැමිණිලි කරන ලෙස තමා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ය.
මේ අතර මෙරට මහා පරිමාණයෙන් ක්රියාත්මකවන සහල් මාෆියාවේ සැලසුම්ද ආනයනික සහල් වෙළඳපොළට පැමිණීමෙන් පසු අක්රිය වනු ඇති බව හෙතෙම පැවසීය.