ටින් මාළු සඳහා පාලන මිලක්.!

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසූවේ, අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල මේ සතිය තුළ අඩු කිරීමට රජය තීරණය කළ බවත් ඒ සඳහා ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් ගෙන්වා ඊයේ (දෙසැ. 24) සාකච්ඡා කළ බවත් ඒ අනුව, ටින් මාළු සඳහා මේ සතියේ පාලන මිලක් නියම කිරීමට සූදානම් බවත් ය.

එහිදී අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, මේ වන විටද වෙළෙඳපළෙහි ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 490ක මිල පැවැතියත් එය රුපියල් තුන්සිය ගණනකට විකිණීමට දේශීය නිෂ්පාදකයන් කටයුතු කරන බවත් ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 370ක තොග මිලට අලෙවි වන විට දේශීය ටින් මාළු නිෂ්පාදකයන් ග්‍රෑම් 425 රුපියල් 370ක සිල්ලරට මිලට අලෙවි වෙමින් පවතින බවත් ය.

ඒ අනුව, මේ සතිය තුළ ටින් මාළු සඳහා පාලන මිලක් නියම කරන බව ත් සහල් ආනයනයට ලබන 10 වන දා තෙක් අවසර දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.