By unusuma.lk on [last-modified] (LK time)
දිට්වා සුළි කුණාටුවේ බලපෑමත් සමග ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් රට පුරාම ජනතාවට නායයාම් වලට සහ ගංවතුර තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය.
මෙම අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා මරණ සංඛ්‍යාව 611ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
පුද්ගලයින් 213 දෙනෙකු අතුරුදන්ව ඇති බවත් නිවාස 67505 කට අර්ධ හානි සිදුව ඇති අතර පූර්ණ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 4164ක් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආපදා සහන සේවා කණ්ඩායම්, හා ස්වේච්ඡාවෙන් ඒ සඳහා ඉදිරිපත් වූ කණ්ඩායම් මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් පැමිණි හමුදා හා සහන සේවා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් ජනජීවිතය යථාවත් කිරිමේ වැඩ කටයුතු තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකය.
ඔවුන් දිවා රෑ නොබලා විපතට පත් ප්‍රෙද්ශවල මාර්ග, විදුලිය ජල සැපයුම් ආදී යටිතල පහසුකම් ගොඩනැගිම හා ජනතාවගේ පහසුකම් සැලසීමට පියවර ගනිමින් සිටියි.
මේ රටේ සුවහසක් ජනතාව අදත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව ගැන මහා බරපතළ විශ්වාසයකින් ජීවත් වේ.
තම දිවි දෙවැනි කොටගෙන ජීවිතය පුජා කරමින් ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් කරපු සහ තවදුරටත් කැප කිරීම් කරමින් සිටියි.
මේක ලංකාවේ ඉතිහාසයේ ජනතාව මුහුණ දුන්න ලොකුම විනාශය වන අතර එම ලොකුම විනාශය විශාල අභියෝගයක් කරලා භාරගත්ත වත්මන් ආණ්ඩුව රට තිබුණටත් වඩා හොද රටක් නිර්මාණය කිරීම මේ වන විටත් ආරම්භ කර ඇත.
දෙවන ලෝක යුද්ධයේදී පරමානුක බෝම්බයත් සමග පොළවට සමතලා වු ජපානය අද වනවිට ලෝකයම පරාජය කරමින් නැගිටපු ලස්සන රටක්.
ඉතින් අපිට නැගිටින්න බැරිද.? නෑ.. පුළුවන්. අපිට නැගිටින්න පුළුවන්. අපි කොතරම් බාධක ආවත් අත්හරින්නේ නැති ජාතියක්. අපි වැටුණාම හිටියටත් වඩා ඉක්මනින් නැගිටින්න පුළුවන් ජාතියක්.
සුළි කුණාටුව ආපු වෙලාවයි, කුණාටුව ගැන කියපු නැති එකයි, කන්ද නාය යන බව කියපු නැති එකයි, ජලාශවල ජලය ඇරියේ නැත්තේ ඇයි කියා අහන මන්දබුද්ධික සමහර දේශපාලඥයින්ට වඩා ජනතාව වෙනුවෙන් උදේ, දවල්, රෑ කැපවීමෙන් වැඩ කරන ජනතාව ඇත්තටම සැබෑ වීරයන්.
ජනාධිපති අනුර කුමාර දිසානායක (05) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“මේ අහිමි වූ කිසිවකුගේ ජීවිත අපිට යළි ලබා දෙන්න බැහැ. එය තමයි ඛේදනීය යථාර්ථය. හැබැයි ආණ්ඩුවක් ලෙස පුරවැසියන් ලෙස අපිට වගකීමක් තිබෙනවා. අපේ අපේක්ෂාව විය යුත්තේ ජීවත්වන සියලු දෙනාට, තිබූ තත්ත්වයට වඩා හොඳ ගුණාංගවලින් පිරි රාජ්‍යයක් නිර්මාණය කිරීමයි.
ඒ නිසා අපේ රටේ ජනතාව යළි මෙවැනි ඉරණමකට ලක් නොවන අන්දමේ ක්‍රියාමාර්ග ගැනීමටත්, මීට වඩා හොද රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහාත් උපරිම වෙහෙස මහන්සි වී කටයුතු කීරීමට අපි සූදානම්. එය අප වෙත පවරාගත් වගකීමක් සහ අත්හළ නොහැකි හෘදයාංගම බැඳීමක් බව මම සිතනවා.
මේ ව්‍යසනය හමුවේ වත් අපි පොදු න්‍යාය පත්රයකට එමින් රට පත්ව තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒමට කටයුතු කරමු. ඒ නිසා පොදු ජනතාව නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුටම මම ආරාධනා කරනවා ජාතික සභාවක් ලෙස කටයුතු කර ඉදිරි වසර තුන හතර තුළ මේ ප්රශ්නය තිරසාර ලෙස විසදා ගනිමු කියලා.
ඒ වගේම ඒ සඳහා එක්වන ලෙස අපේ බුද්ධිමතුන්ට, කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ සියලුදෙනාට අපි ආරාධනා කරනවා. මේ ව්‍යසනය ඉතා වේදනාකාරී ව්‍යසනයක්. එහෙත් ඒ ව්‍යසනය හමුවේ අපි අලුත් මාවතක් තෝරා ගනිමු. මේ රාජ්‍ය යහපත් රාජ්‍යයක් බවට පත් කර ගැනීම සඳහා මැදිහත් වෙමු කියා සියලු දෙනාට අරාධනා කරනවා.”






