By unusuma.lk on
(LK time)රට තුල ඉදිරියේදී ඉන්ධන හිඟයක් මතුවිය හැකි බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා සදහන් කරයි.
පෙට්‍රල්, ඩීසල් ඇතුළු සියලූම ඉන්ධන 2025 වසරේ අප්‍රේල් මාසය දක්වා ඇනවුම් කර ඇති බවත් රටේ අඛණ්ඩ තෙල් සැපයුම වගකීම ඛනිජ තෙල් සංස්ථාව භාරගන්නා බවත් කිසිදු බලපෑමකින් තොරව තෙල් සැපයුම අඛණ්ඩව ලබාදෙන බවද සභාපතිවරයා සදහන් කරයි.
රට තුළ ඉන්ධන අලෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30000ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමග නැවත හැරවා යැවීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව සදහන් කරයි.
තෙල් නැව හරවා යැවීමෙන් රට තුළ කිසිදු බලපෑමක් නොමැති බවත් එම සමාගමේ අභ්‍යන්තර ගැටලුවක් හේතුවෙන් එම තෙල් නව නැවත හරවා ගොස් ඇති බවත් එම නෞකාව තුළ පෙට්‍රල් මේට්‍රික් ටොන් පහළොස් දහසක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් පාලොස් දහසක් පැවැති බවද සභාපතිවරයා සදහන් කරයි.