රුවන්වැල්ල පොලිසිය පවසන්නේ අද (8) පස්වරු 5.00ට පමණ තල්දූව, අමිතිරිගල මැදගොඩ ප්‍රදේශයේ දී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම අනතුරෙන් පසු මෝටර් රථය ප්‍රපාතයකට පෙරළී ඇති අතර, යතුරුපැදිය ද ගිනිගැනීමකට ලක්ව තිබූ බවට වාර්තා වෙයි.
තුවාලකරුවන් තිදෙනෙක් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර කාර් රථයේ දෙදෙනකු සහ යතුරුපැදියේ සිටි අයකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.

