
වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස වෙරල තීරයේ කිඹුලන් ගැවසෙන බැවින් දිය නෑමේදී විමසිලිමත් වන ලෙස ජනතාවට දැනුම්දී ඇත.
මේ අතර ඒ ආසන්නයේ ගැවසුන අඩි 16 ක් පමණ දිග දැවැන්ත කිඹුලකු ධීවරයින් පිරිසක් විසින් අල්ලා අත්තිඩිය වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදී ඇත.
මුහුදු තීරය ආසන්නයේ ඇති පැරණි ගිලාබැස ඇති නැවක සුන්බුන් අසල,සැරිසරමින් සිටි මෙම කිඹුලා ධීවර බෝට්ටු යොදාගන ආරක්ෂක කේබල් යොදාගන අල්ලා ගොඩට ගෙන විත් වනජීවී නිලධාරීන් කැදවා භාරදීමට කටයුතු කරනු ලැබ ඇත.
එමෙන්ම පසුගිය දිනවල තවත් කිඹුලන් කිහිපදෙනෙකු එම අසල සිටිනු දැක ඇති බවත් ධීවරයින් පවසති.
මින් පෙර එම ප්‍රදේශයේ විසිතුරු මසුන් ඇල්ලීම සදහා ගිය කිමිදුම් කරුවකු කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් මරණයට පත්කළ සිදුවීමක්ද වාර්ථා වී තිබුණි.
Photo – Colombo house