By unusuma.lk on
(LK time)හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් වර්තමාන ආණ්ඩුවේ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක සහ අපහාසාත්මක මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුනි.
ඔහු මෙලෙස ඊයේ (10) දිනයේ නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයේ මාතෘකාව යොදා තිබුනේ, “සොහොන් ලකුණු, හොල්මන් සහ ආණ්ඩුව ලෙසෙනි” එම ලිපියේ මුල් කොටස පහත දැක්වේ.
කෙසේවෙතත් එම ලිපියට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පකෂයේ ප්‍රධාන සංවිධාක, සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එමගින් අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ, වර්තමාන මාධ්‍ය තත්ත්වය පිළිබඳ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කර ඇති විවේචනාත්මක නිවේදනය විමතියට කරුණක් බවයි.
එම ප්‍රකාශය කළ ඩලස් සහ එදා රාජපක‍්ෂ ආණ්ඩුවේ සිටි ඩලස් යනු එක් අයෙකුම ද, නොඑසේනම් දෙදෙනෙකු ද යන්න සිතා ගැනීමට අපහසු බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ