By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් පෙරේදා (22) රාත්රියේදී සිය බිරිඳට අයත් නිවස ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.
සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 7 දෙනෙකු මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම පිරිසෙන් කාන්තාවක් ඇතුලු තුන් දෙනෙකු පළමුව අත්අඩංගුවට ගත් අතර එම කාන්තාව ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ නැගණිය බවද අනාවරණය වී ඇත.