By unusuma.lk on
(LK time)වැල්ලම්පිටිය පොලීසිය විසින් ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව පොලීසිය අද (23) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමට පිය පුතු දෙදෙනෙකුගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු පරීක්ෂණවලදී හෙළිවී ඇති බව පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත.
ඒ අනුව බන්දුල පියල් සහ මාධව සුදර්ශන යන පිය පුතු දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව අදාළ පුද්ගලයින් දෙදෙනාට විදේශගතවීම වළක්වාලමින් ආගමන හා විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන් වෙත කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළේය.
මෙම ඝාතන සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව සඳහන් කරයි.