ශ්‍රී ලංකාවේ වසර 8 කට පසු ඉතා අවධානම් තත්වයක්.!

මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව පීඩාවට පත් වී සිටිති.

මෙරට පවතින උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 27ත්29 අතර වන නමුත් උතුරු ,උතුරු මැද හා නැගෙනහිර පළාත් වල පසුගිය දිනයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 දක්වා ඉහළ බව වාර්තා විය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගෝල විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය තිලක් විජයතුංග බණ්ඩාර මහතා පවසන්නේ මෙය වසර 08 පසු දිවයිනේ වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය බවයි.

අවසන් වරට මෙවැනි ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ 2016 වසරේදී වන අතර මෙමෙ උෂ්ණත්වය ඉහල යෑමට මූලිකව දේශගුණික හේතු බලපා ඇතයි විජයතුංග බණ්ඩාර මහතා පවසයි,

මෙම තත්වය ඉදිරි සති කිහිපය තුළ පහව යාමට නියමිත බැවින් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රවේශමෙන් කටයුතු කළයුතු බව ඒ මහතා අවධාරණය කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close