මෛත්‍රීගේ කට වැහෙයි.. එළියට දැමු දයාසිරි යලිත් ඇතුළට.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහලේකම් ධුරයෙන් හා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසට කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක විත්තිකරුවන් කරමින් මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා මෙම තහනම නිකුත් කර ඇත.

එම නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන අතර මෙම නියෝගය ප්‍රකාරව නිදහස් පක්ෂයේ ලේකම් ධූරයේ කටයුතු කිරීමට මන්ත්‍රී දයාසිරි ජයසේකරට කිසිදු බාධාවක් නොමැත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close