By unusuma.lk on
(LK time)පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී උතුරු මැද පලාත් සභාව විසින් ටෙන්ඩර් කළ වාහන සම්බන්ධයෙන් තමා විසින් ඉදිරිපත් කළ තොරතුරු වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසයි.
තමාට ලද තොරතුරු වැරදි බවත් එය තමා විසින් නිවැරදි කළ යුතු බවත් අද (03) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු කියා සිටියේය.
මෙහිදි තවදුරටත් අදහස් දක්වමින් දයාසිරි මහතා කියා සිටියේ ජාතික පුවත්පත් කිහිපයක අදටත් එම තොරතුරු පලවි තිබෙන බැවින් තමා ඒවා නිවැරදි බවට උපකල්පනය කර අදහස් දැක්වූ බවයි.
”මිට දින කිහිපයකට කලින් මා විසින් පවත්වපු පුවත්පත් සාකච්ඡාවකදී උතුරු මැද පලාත් සභාව විසින් ටෙන්ඩර් කරන ලද වාහන සම්බන්ධව ඉදිරිපත් කළ ගණන් හිලව් සම්බන්ධයෙන් වැරදි අදහසක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරලා තිබුණා.
විශේෂයෙන් මේ තොරතුරු මම ලබාගත්තේ පුවත්පත් කිහිපයක මේ ගැන සඳහන් වෙලා තිබුණ නිසා. ඒඅනුව තමයි මාධ්‍ය හමුවෙදි මේ ක්‍රියාදාම සිදු කළේ.හැබැයි ඊයේ වන විට උතුරු මැදපලාත් ආණ්ඩකාර තුමා මේ පිළිබඳ තිබෙන ඇත්ත තත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කළා.
ඒ අනුව මම තේරුම් ගත්තා මා සතුව තිබෙන තොරතුරුවල යම් වැරදි ස්වභාවයක් තිබෙන බව. කිසියම් දේශපාලඥයෙක් විසින් හෝ පුවත්පතක් විසින් හෝ මාධ්‍ය ආයතනයක් විසින් වැරදි තොරතුරක් පලකර තිබෙනවනම් එය නිවැරදි කිරිම මුලික ක්‍රියාදාමයක්.
සමාජයට ජනතාවට වඟකියන දේශපාඥයෙක් විදියට සමහර විට අපට වැරදි තොරතුරු ගලා එන්න පුලුවන්.. විශේෂයෙන් ජාතික පුවත්පත් කිහිපයක මේ තොරතුරු සියල්ල අදටත් පලවෙලා තියෙනවා මම දැක්කා.
ඒනිසා මම හිතනවා විශ්වාස කරනවා බලාපෙරොත්තු වෙනවා අනාගතයේ ආණ්ඩුකාරතුමා සමඟ ඒ තොරතුරු ටික අරගෙන නිවැරදි තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න”