මාධ්‍යවේදිනියකගේ සැමියා අබිරහස් ලෙස මිය යයි.. තවත් කුරිරු දඩයමක්ද.?

දෙහිවල ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදිනියකගේ සැමියා වන ඒ. සමරජීව (60) නම් ත්‍රිරෝද රථ රියැදුරෙකු අබිරහස් අන්දමින් මියයෑම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය ජනවාරි 1 වැනිදා පෙරවරුවේ මියගිය සමරජීව නම් පුද්ගලයා සිය නිවසේ සිට රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති අතර, රැකියාව අවසන් කොට පස්වරුවේ නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ බිරිඳ වන මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහ මහත්මිය සිය සැමියාට රාත්‍රියේ දුරකථන ඇමතුම් ලබාගත් නමුත්, ඔහු ඊට ප්‍රතිචාර දක්වා නැති බව වාර්තා වේ.

ජනවාරි 1 වැනිදා රාත්‍රියේ දෙහිවල, හිල් වීදියේ පිහිටි නීතිඥවරියකගේ නිවස ඉදිරිපිට කිසියම් අයෙකු වැටී සිටින බවට ඇය පොලීසියට තොරතුරු ලබාදී තිබුණි. ඒ අනුව, රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලීස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණියද, වැටී සිටි පුද්ගලයා බීමතින් සිටි බව පවසමින් ඔවුන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

පසුව අදාළ නීතීඥවරිය නැවත වතාවක් පොලීසියට ඒ් පිළිබඳ දැනුම්වත් කිරීමෙන් පසුව පැමිණි වෙනත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් 1990 ගිලන් රථ සේවය එම ස්ථානයට කැඳවා වැටී සිටින පුද්ගලයා රෝහල්ගත කර තිබේ.

රෝහල්ගත කිරීමෙන් පසු එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුගේ ශරීරයේ විශාල තැලුම් තුවාල හා හිසෙහි බරපතළ රුධිර වහනයක් සිදුවී ඇති බව හෙළිවිය.

ඒ අනුව මරණ පරීක්ෂණ වාර්තාවේ මෙම තුවාල මරණයට හේතු වී ඇති බවට විවෘත තීන්දුවක් ලබා දී ඇත.

මියගිය පුද්ගලයා වැටී සිටි නීතිඥවරියගේ නිවසේ සිද්ධිය වූ දින සාදයක් පවත්වා ඇති අතර, ඇයගේ සැමියා ඊට පසුදින විදෙස්ගතවීම හේතුවෙන් ඒ සම්බන්ධව සැකයක් හටගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව එම නිවස ආසන්නයේ පිහිටි CCTV කැමරා දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති අතර, පොලීසිය රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව ද විමර්ශනයක් අරඹා ඇත.

බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත සහකාර පොලීස් අධිකාරීවරයෙකුගේ මෙහෙයවීමෙන් මෙම විමර්ශනය සිදුකරනු ලබයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.