By unusuma.lk on
(LK time)මෙරට යකඩ යුගයට අයත් කේතුකාකාර සුසාන ස්මාරක 6ක් සොයාගත් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් සඳහන් කරයි.
අම්පාර, සමන්ගල පුරාවිද්‍යා භුමියේ කළ ගවේෂණයකින් මෙම සුසාන ස්මාරක 6ක් සොයාගත් බවත් එම සුසාන ස්මාරක අදින් වසර 2500 කට එපිට කාලයකට අයත් බවට අනුමාන කරන බවද මහාචාර්ය තුසිත මැන්දිස් සඳහන් කරයි.
අදි මානවයින්ගේ සුසාන චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ වැදගත් අණාවරණයන් මෙම සුසාන ස්මාරක අධ්‍යයනයේදී හෙළිකර ගත හැකි බවත් එම සුසාන ස්මාරක අද විවෘත කිරීමට නියමිත බවද මහාචාර්ය තුසිත මැන්දිස් සඳහන් කරයි.