තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද (27) දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එළඹෙන නොවැම්බර් මස (07) වනදා දක්වා නිවෙස් වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු සිදුකරන බවද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සදහන් කරයි.

නොවැම්බර් (03) වැනි ඉරු දින විශේෂ බෙදීම් දිනයක් ලෙස නම් කර පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට පියවර ගන්නා බවද තැපැල්පති රාජිත රණසිංහ සදහන් කරයි.

ඒ සදහා 8000ක පමණ සේවක පිරිසක් යොදවා ඇති බවද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.