දේශබන්දුගේ තීරණය ලබන සතියේ.!

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරන කමිටුවට සාමාජිකයින් පත් කිරීම ලබන සතියේදී සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මෙම විමර්ශන කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් කථානායකවරයා, අගවිනිසුරුවරයා ඇතුළු අදාළ පාර්ශ්ව වෙත ඒ සම්බන්ධව ලිඛිතව දැනුම් දී ඇත.

මෙම කමිටුව සඳහා අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරයෙකුද අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගෙන් එකඟතාවෙන් යුත් වෘත්තිකයෙකුද පත් කිරීමට නියමිතව ඇති අතර ජාතික කොමිෂන් සභාවේ සභාපතිවරයා අනිවාර්ය සාමාජිකයෙකු ලෙස පත් කළ යුතුය.

මෙම කමිටුව ස්ථාපිත කළ වහාම දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments