By unusuma.lk on
(LK time)රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අද (10) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට පත්විය.
පසුව දින 20කට ආසන්න කාලයක් සැඟව සිටි හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ද නිකුත් කර තිබුණි.
නමුත් මාර්තු 19වනදා ඔහු මෝසමක් මගින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වූ අතර ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී අධිකරණයට ඉදිරිපත් කළ අතර ඇප හිමි වූයේ නැත.
නමුත් අද (10) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහු මුදාහැරීමට නියෝග කළේය.