By unusuma.lk on
(LK time)අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප හිමිවූ පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ දේශබන්දු එන්නකෝන් මහතාගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔහුගේ මෝටර් රථය උසාවිය භූමි තුළට ගෙනවිත් ඔහු රැගෙන යෑම සඳහා අවසර ලබා දෙන ලෙසත් අධිකරණ භූමියෙන් ඉවත්ව යන තෙක් පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙසත් ය.
කෙසේවෙතත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එම ඉල්ලීම සඳහා සිය දැඩි විරුද්ධතාවය ප්‍රකාශ කළ අතර ඔහු පවසා සිටියේ අධිකරණය මගහරිමින් දින 20ක් සැඟවී සිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට එම අවධියේදී ආරක්ෂාව සලසාගත් ආකාරයට සිය ආරක්ෂාව සලසා ගත හැකි බැවින් ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබාදිය යුතු නොවන බවයි.
එමෙන්ම පොලිස් ආරක්ෂාව සමඟ ගාම්භීරව එළියට යමින් වෙනත් චිත්‍රයක් මවාපෑම සඳහා ඔහු උත්සාහ කරන බැවින් ඒ සඳහා අවස්ථාව ලබා නොදිය යුතු බවත් අපරාධකරුවන්ට එසේ සිදුකළ නොහැකි බවත් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් පැවසීය.
කරුණු සලකාබැලී මහේස්ත්‍රාත්වරයා විත්තියේ ඉල්ලීම ප්‍රතිෂේප කළ නමුත් එම නියෝගය ක්ෂණයකින් කඩකරමින් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සුපිරි මෝටර් රථය උසාවි භූමිය තුළින්ම ඔහු රැගෙන ඉගිල ගියේය.