දේශබන්දුගේ පට්ටම ගලවන හැටි මෙන්න.!

පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීමේ යෝජනාව කථානායකවරයා විසින් එළඹෙන අප්‍රේල් මස (08) හෝ (09) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

ඉවත් කිරීමේ යෝජනාව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසුව ඒ පිළිබඳ චෝදනා විමර්ශනයට පරීක්ෂණ කමිටුවක් පත් කරන බවත් එම කමිටුවෙන් චෝදනා ඔප්පු වුවහොත් දේශබන්දුට පොලිස්පති ධුරය පමණක් නොව රාජ්‍ය සේවයේ සිටීමටවත් නොහැකි වනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අප්‍රේල් මස (08) හෝ (09) වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයකින් අනතුරුව සරල බහුතර ඡන්දයකින් එය සම්මත කරගත හැකි බවත් ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කමිටුව පත් කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එම පරීක්ෂණ කමිටුව සදහා අගවිනිසුරු විසින් පත්කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් පොලිස් කොමිසමේ සභාපති, අගමැති හා විපක්ෂනායකගේ එකඟතාවයෙන් පත් කරන නියෝජිතයකුගෙන් සමන්විත බවද අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...