By unusuma.lk on
(LK time)මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විරෝධය පළකර ඇත.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් නෙරපීමේ යෝජනාවට විරෝධය පළ කර ඇත්තේ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයන් වේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව මෙවැනි යෝජනාවක් ගෙන ඒමට විරුද්ධ නැතත් යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝග වලට පටහැනි හෙයින් විරෝධය පළ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සදහන් කරයි.
කෙසේ වෙතත් අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වෙන කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට ස්ථාවර නියෝග වල සඳහන් වෙතත් කතානායකවරයාගේ අභිමතය පරිදි එවැනි යෝජනාවක් විවාදයට ගත හැකි යැයි යන වගන්තියද නියෝග වල පැහැදිලිවම සඳහන් වන බව රජයේ ප්‍රකාශකයකු සදහන් කරයි.