පාර්ලිමේන්තු යන්න බැරිව දිනේෂ් හඬා වැටෙයි.!

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුලේ සිදුවන කටයුතු සම්බන්ධයෙන් දැඩි කලකිරීමකින් සිටින බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සම්බන්ධව පක්ෂය කටයුතු කළ ආකාරය පිළිබඳව හිටපු අගමැතිවරයා දැඩි විරෝධය පළ කර ඇති බවද බන්දුල ගුණවර්ධන සදහන් කරයි.

පලපුරුදු පුද්ගලයින් පාර්ලිමේන්තුවට එවන්නැයි ඉල්ලූ පක්ෂය පළපුරුදු හෝ අත්දැකීම් නැති පුද්ගලයින් පාර්ලිමේන්තුවට යවන්නේ කුමන පදනමකින් දැයි දිනේෂ් ගුණවර්ධන ප‍්‍රශ්ණ කරන බවද බන්දුල ගුණවර්ධන සදහන් කරයි.

කෙසේ වෙතත් පක්ෂයේ කටයුතු හේතුවෙන් දිනේෂ් ගුණවර්ධන දැඩි කලකිරීමකින් සිටින බැවින්⁣ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවීමට සුදුසුම පුද්ගලයා වන්නේ ඔහු බවද බන්දුල ගුණවර්ධන සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.