දිනේෂ් ෂාෆ්ටර්, මහාචාර්ය රවීන්ද්‍රනාත්, මාධ්‍යවේදී ශිවරාම් ඝාතනය උඩට ගනී.!

රටේ ආන්දෝලනාත්මක තත්ත්වයකට තුඩු දුන් නොවිසදුණු අපරාධ සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශන කඩිනම් කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලැබී ඇති බව ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සදහන් කරයි.

මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම, 2007 වසරේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම්ගේ අතුරුදන්වීම, 2023 දෙසැම්බර් මාසයේදී වැලිගම පොලිසිය විසින් කළ වෙඩි තැබීමකදී වැලිගම පොලිසියේ කොස්තාපල්වරයකු මියයාම සම්බන්ධ විමර්ශන අවම මට්ටමක පවතනි බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

තවද 2005 වසරේ තාරකී ශිවරාම් නොහොත් ධර්මරත්නම් ශිවරාම් නැමැති මාධ්‍යවේදීයා බම්බලපිටිය ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, යාපනය ප්‍රදේශයේදී ලලිත් කුමාර සහ කුගන් මුරුගනාදන් යන පුද්ගලයන් දෙදෙනා අතුරුදන් කිරීම යන විමර්ශන කටයුතු අවසන් කිරීමට ද වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සදහන් කරයි.

Loading