අපරාධකරුවෙක් වු ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගත වෙයි.!

ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර ඇත.

එම තීන්දුවත් සමඟ අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද අමෙරිකාවේ මැතිවරණ කාලවකවානුවක් අතර අපරාධයකට වරදකරු වූ පළමු ප්‍රධාන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙසද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගත වේ.

අමෙරිකාවේ ජූරි සභිකයන් දින දෙකක් පුරා පැය 12කට ආසන්න කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.