ඉන්දියාව, චීනය, රුසියාව ඇතුළු ප්‍රබල රටවල් 5කට ට්‍රම්ප් අනතුරු අඟවයි.!

ඉන්දියාව, චීනය, රුසියාව ඇතුළු බ්‍රික්ස් (BRICS) සාමාජික රටවල් සදහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව, චීනය, රුසියාව ඇතුළු BRICS රටවල් අමෙරිකානු ඩොලරය භාවිතය අවම කළහොත් හෝ ජාත්‍යන්තර ගනුදෙනු සදහා වෙනත් මුදල් වර්ගයකින් ඩොලරය ප්‍රතිස්ථාපනය කළහොත් 100% ක් තීරුබදු පනවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

පසුගිය මාසයේ පැවති BRICS සමුළුවෙන් පසුව අමෙරිකානු ඩොලරය යොදා නොගනිමින් සිදුකෙරෙන ගනුදෙනු ඉහළ නැංවීම හා දේශීය මුදල් ඒකක ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

තවද ජාත්‍යන්තර වෙළඳාමේදී BRICS සමූහයට අමෙරිකානු ඩොලරය ප්‍රතිස්ථාපනය කිරීමට අවස්ථාවක් නොමැති අතර එයට උත්සාහ කරන ඕනෑම රටක් අමෙරිකාවෙන් ඈත් විය යුතු බවද ඩොනල්ඩ් ට්‍රම්ප් නිවෙිදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව හා තවත් රටවල් රැසකින් BRICS සමූහය සමන්විත වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.