අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ රැළියකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තුවාල සිදුව ඇති අතර වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
වෙඩි ප්‍රහාරය ට්‍රම්ප් ගේ දකුණු කනේ වැදී අතර, කනේ ලේ තැවරී තිබූ අයුරු දක්නට ලැබුණි.
වෙඩි ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ ජීවිතය ආරක්ෂා වී ඇත්තේ හාස්කමකින් බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.