බීලා අහුවුණොත් වසරකට ලයිසන් කැන්සල්.!

බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ බලපත්‍රය මාස 12ක කාලයක් සදහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බව පොලීසිය සදහන් කරයි.

එනිසා බීමතින් රිය ධාවනය නොකරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව ඉකුත් පැය 24 තුළ ක්‍රියාත්මක කරන ලද විශේෂ රථවාහන මෙහෙයුම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු දැනුම් දෙමින් මේ බව සදහන් කරයි.

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිගේ උපදෙස් පරිදි දිවයිනම ආවරණය වනපරිදි විශේෂ රථවාහන මෙහෙයුම ආරම්භ කළ අතර මෙම මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කරයි.

ඒ අනුව අද (26) දින පෙරවරු 6.00න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 395 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ බව පොලීසිය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.