මෑත ඉතිහාසයේ ලොකුම මත්ද්‍රව්‍ය තොගය සමග 10ක් අත්අඩංගුවට.!

මෑත ඉතිහාසයේ ගොඩබිමදී සොයාගත් වැඩිම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිය භාරයට ගෙන ඇත.

රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 10 දෙනෙකු ගාල්ල, මාපලගම ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකට පසු පොලීසියට එම මත්ද්‍රව්‍ය තොගය ගන්දර සිට ගාල්ල, මාපලගම ප්‍රදේශයේ නිවසක තිබියදී සොයගැනීමට හැකිවිය.

එම නිවසේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 70කට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර එම තොගයේ වටිනාකම රුපියල් කෝටි 500කට අධික බව පොලීසිය සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සදහන් කළේ,

“මෑත ඉතිහාසයේ ගොඩබිමදී සොයාගත් වැඩිම අත්අඩංගුවට ගැනීම සැකකරුවොත් සමග. තව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතයි. මේ කටයුතු විශේෂයෙන්ම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළේ. මේක මෑත කාලයේ ඒ වගේ අංශයකින් කරපු පළමු මෙහෙයුම කිව්වොත් නිවැරදියි.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.