බාල බෙහෙත් මරණ එකින් එක වැඩි වෙයි.. ඉතිරි බෙහෙත් තොග එකින් එක අඩු වෙයි.!

පසුගියදා විගණකාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ 2022 – 2023 වසරවල රටේ ඖෂධ අවශ්‍යතාව, ප්‍රසම්පාදනය, සැපයුම, බෙදාහැරීම හා නියාමනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව පිටු 850කට අධික සංඛ්‍යාවකින් යුක්ත වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් පද්ධතියක් සම්බන්ධව විගණකාධිපතිවරයෙක් නිකුත් කළ විශාලතම විගණන වාර්තාව ලෙස ඉතිහාස ගත වේ.

එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ,

හෘද, අක්මා, වකුගඩු හා අධි රුධිර පීඩනය වැනි රෝගවලට භාවිත කරන ඖෂධයක් තත්ත්වයෙන් අසමත් බව වාර්තා වනවිටත් එම ඖෂධ තොගයෙන් සියයට 98ක්ම ළමා රෝහල් ඇතුළු රජයේ රෝහල්වල රෝගීන්ට ලබා දී ඇති බවයි.

එමෙන්ම රෝගීන් දෙදෙනෙක් මියයෑම හේතුවෙන් එක්තරා නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කිරීමට නිර්දේශ කරන අවස්ථාව වනවිටත් එම ඖෂධ තොගයෙන් 50% ක් රෝගීන්ට නිකුත් කර ඇති බව එම විගණන වාර්තාවේ සඳහන් වේ.

2020 වසරේදී මෙරටට ආනයනය කරන ලද හෘද, අක්මා, වකුගඩු රෝග හා අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන්වලදී භාවිත කරනු ලබන ෆියුරොසිමයිඩ් (Furosemide) සිරජ් බෝතල් 6,000ක තොගයක් තත්ත්වයෙන් අසමත් බව වාර්තා වන විටත් එම ඖෂධ තොගයෙන් 98%ක ප්‍රමාණයක් රිජ්ජේ ආර්යා ළමා රෝහල ඇතුළු රජයේ රෝහල්වල රෝගීන් සඳහා නිකුත් කර ඇති බව මෙම විගණන වාර්තාව මගින් පෙන්වා දෙයි.

රුපියල් මිලියන 40කට අධික මුදලක් වැය කර හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගත් නිර්වින්දන ඖෂධයක් වන බියුපිවැකෙන් (Bupivacaine) ඖෂධයේ එන්නත් 68,750ක තොගයක් හෙන්වා ඇති අතර එම ඖෂධය භාවිතයෙන් පසු ජේරාදෙණිය ශික්ෂණ රෝහලේදී කාන්තාවන් දෙදෙනෙක් මියයෑමෙන් පසුව එම ඖෂධය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කිරීම සඳහා නිර්දේශ කෙරුණද ඒ වනවිටත් එම ඖෂධ තොගයෙන් සියයට 50ක්ම රෝගීන් වෙත නිකුත් කර තිබූ බව විගණන වාර්තාවේ වැඩිදුරටත් පැවසේ.

විගණන වාර්තාවේ දැක්වෙන්නේ, එම ඖෂධ රෝහල් වෙත නිකුත් කිරීමට පෙර ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය මගින් ඖෂධවල තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමට ප්‍රමාණවත් පියවර ගෙන නොතිබූ බවද තහවුරු වන බවයි.

මේ අතර විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් මෙම විගණන වාර්තාවේ දත්ත පදනම් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) පැමිණිල්ලක් ගොනු කළේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close