By unusuma.lk on
(LK time)ඊයේ (09) දින බොරැල්ල පොලිස් වසමේ බොරැල්ල රේමන්ඩ් මල් ශාලාව අසල ඇති මාර්ග සංඥාව අසල දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කළ වැටලීමක දී රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000ක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත් කරල් තොගය වසර කිහිපයක ඉතිහාසය තුළ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් අතිවිශාල නීති විරෝධී මත්පෙති තොගය බව පැවසෙයි.
මෙම මත් කරල් තොගය පාසල් ලමුන් සහ තරුණ ප්රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට කොළඹ ප්රදේශයට රැගෙන විත් ඇති බව වාර්තා වෙයි.
එහිදී අත්අඩංගුවට ගත් මත් කරල් තොගය රුපියල් කෝටි 06ක වෙළදපොල වටිනාකමකින් යුතු Pregab (ප්රෙගැබ්) නැමැති මත්කරල් තොගයක් බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් මත් කරල් තොගය ප්රවාහනය කරමින් සිටි පුද්ගලයා වයස අවුරුදු 44 ක් වන මන්නාරම ප්රදේශයේ පදිංචිකාරයෙක් බව පොලීසිය පවසයි.
මූලික පොලිස් ප්රශ්නකිරීම්වලදී අත්අඩංගුවට පත් සැකකරු පවසා ඇත්තේ මන්නාරම ප්රදේශයේ පදිංචි සුජි නැමැති පුද්ගලයා විසින් බෝට්ටුවකින් පැමිණ සිලාවතුර පාලම අසලදි මෙම මත්කරල් තොගය ලබාදුන් බවත්, එම තොගය කොළඹ ප්රදේශයට රැගෙන එන ලෙසට තමාට උපදෙස් ලබාදුන් බවත් ය..