By unusuma.lk on
(LK time)මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය වාට්ටුවකට අද (10) දින පස්වරුවේ මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සදහන් කරයි.
වෛද්‍ය නිර්දේශ අනුව දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටි බවත් බන්ධනාගාර රෝහලේ රැදවීමේ අවශ්‍යතාවයක් නොමැති බවට විශේෂ වෛද්‍ය මණ්ඩලයක් නිර්දේශ කිරීම නිසා සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇත.