දුමින්ද සිල්වා නැවතත් එළියට.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහලේ සිට ඊයේ (10) පස්වරුවේ යළි වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කර යැවීමෙන් පසු නැවතත් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

රෝහල් ආරංචි මාර්ග සදහන් පවසන්නේ, වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන ආ දුමින්ද සිල්වා පැය කිහිපයක් තුළ යළිත් ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව ලබාදුන් පසුව ඉක්මන් සුවය ලබා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ දුමින්ද සිල්වා පසුව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති සමාව බලරහිත කිරීමෙන් පසුව නැවතත් හදිසියේ රෝගී වී රෝහල් ගතව දිගින් දිගටම ප්‍රතිකාර ගනිමින් සිටී.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.