By unusuma.lk on
(LK time)සමස්ත ලංකා කුකුළු නිෂ්පාදන ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පවසන්නේ බිත්තර මිල ඉදිරියටත් අඩුවනු ඇති බවයි.
මේ වනවිට වෙළඳපොළේ බිත්තරයක මිල රුපියල් 28ක් දක්වා පහත වැටී ඇති බව ඔහු පවසයි.
නත්තල් උත්සව සමය තුළ වෙළෙඳපොළේ බිත්තර මිල වැඩිවෙතැයි අපේක්ෂාවෙන් මහා පරිමාණ බිත්තර ව්‍යාපාරිකයන් විසින් රැස්කරගෙන සිටි බිත්තර තොග වෙළඳපොළට නිකුත් කිරිමත් සමඟ මෙම මිල පහත වැටීම සිදුව ඇති බවත්, ඉදිරියේ දී තව දුරටත් බිත්තර මිල අඩුවිය හැකි බවත් ඔහු පවසයි.
මාතලී ජයසේකර මහතා පවසන්නේ මේ වනවිට බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගිකයාට ලබාගැනීමට හැකියාව පවතින බවයි.