මැතිවරණ නීතිය ක්‍රියාත්මකයි.. කොමිසමෙන් නිවේදනයක්.!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඒ වගන්තිය ප්‍රකාරව මැතිවරණ නීතිය තවමත් බලාත්මකව බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දමා තිබීම සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් මැතිවරණ නීතිය තවමත් බලාත්මකව බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

මැතිවරණ නීතිය බලපවත්වන කාල සීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයක්/ කණ්ඩායමක්/ අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයක් නොවන සේ කටයුතු කළ යුතු බව සදහන් කරයි.

තවද ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපලක් යොදා නොගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close