By unusuma.lk on
(LK time)පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙන පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු හෙට (02) දින තෙක් ඉදිරියට කරගෙන යාම අත්හිටුවන ලෙසට අදාළ තේරීම් භාර නිලධාරීන්ට දැනුම්දෙන ලෙසට නියෝග කර ඇත.
අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.
පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව කොළඹ මහ නගර සභාව වෙනුවෙන් විවිධ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.