By unusuma.lk on
(LK time)අද (24) දින පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම ආරම්භ වන අතර තැපැල් ඡන්දය සලකුණු කළ නොහැකි වන පුද්ගලයින්ට (25), (28) සහ (29) දිනවලදී ඒ සඳහා අවස්ථාව පවතී.
මේ වනවිට සිරි දළදා වන්දනාව සඳහා විශේෂ රාජකාරීවල යෙදීසිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර පිහිටුවා ඇත.
මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එම පහසුකම් සලසා ඇති අතර ත්‍රිවිධ හමුදා නිලධාරීන්ටද ඔවුන්ට අයත් හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා ඇත.