By unusuma.lk on
(LK time)2024 මහ මැතිවරණයේ ප්රතිඵල ප්රකාශයට පත් කළ දිනයේ සිට දින 21ක කාලයක් තුළ ඒ සදහා තරග කළ සියලුම අපේක්ෂකයින් සිය වියදම් වාර්තා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට භාර දිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක සදහන් කරයි.
සිය මැතිවරණ වියදම් වාර්තා නියමිත කාලයට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලබා නොදෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක සදහන් කරයි.
මහ මැතිවරණය සදහා ජාතික ලැයිස්තු අපේක්ෂකයින් ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මන්ත්රි ආසන 225ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ 49කින් සහ ස්වාධීන කණ්ඩායම් 284කින් අපේක්ෂකයින් 8,888ක් තරග බිමට පිවිසියේය.