මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්.!

පසුගිය ජනාධිපතිවරණයට වඩා මෙවර මහ මැතිවරණය සදහා තැපැල් ඡන්ද 25,731ක වැඩිවීමක් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක සදහන් කරයි.

තැපැල් ඡන්ද අයදුම්පත් 759,210ක් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී තිබූ බවත් එම තැපැල් ඡන්ද අයදුම්පත් අතුරින් අයදුම්පත් 21,160ක් ප්‍රතික්ෂේප වී ඇති බවද සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක සදහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා තවදුරටත් සදහන් කළේ,

“මේ වනවිට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන්වෙලා තියෙන්නේ. මුළු තැපැල් ඡන්ද අයදුම්පත් 759,210ක් ලැබී තිබුණා. එයින් 738,050ක් පිළිගෙන තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයට වඩා තැපැල් ඡන්ද 25,731ක වැඩිවීමක් තිබෙනවා. මේ ඡන්ද විමසීම සඳහා. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම මේ මාසේ (23) වනදා සිදුකරනවා.

ඒ වගේම නිල ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම මේ මාසේ (26) වනදාට නියම වී තිබෙනවා. ඒ වගේම තරගයට ඉදිරිපත්වෙන අපේක්ෂකයින් සඳහා ගුවන් කාලය වෙන්කිරීම හෙට දිනයේදී කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා.

සියලුම දේශපාලන පක්ෂවල බලයලත් නියෝජිතයින් සහ ස්වාධීන් කණ්ඩායම්වල නියෝජිතයින්ට ඒ අවස්ථාව සඳහා මේ වනවිට දැනුම්දීලා තිබෙනවා.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments