By unusuma.lk on
(LK time)රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර ලබාදීමේදී රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට ජාතික විගණන කාර්යාලය පැවැත්වූ අලුත්ම වෝහාරික විගණනයේදි තොරතුරු අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් විගණකාධිපති ඩබ්ලිව්. පී.සී වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා බාරදුන් අතර පාර්ලිමේන්තු ප්‍රධානීන් සදහන් කළේ, නව පාර්ලිමේන්තුව ස්ථාපනය කළ පසු එම වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
විදේශගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ගෙන්වීමට අවසර දුන් අවස්ථාව අවභාවිත කරමින් රුපියල් කෝටි 120කට ආසන්න වටිනාකමකින් විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා ඇති බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය විය.