විදුලිබිල අඩු කිරීම ගැන ඇමති කියයි.!

විදුලි ඒකකයක ජනන මිළ අඩු කරන්නේ නැතිව විදුලිබිල අඩු කිරීමට නොහැකි බවත් පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය බිල 30%කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කරයි.

අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේ,

“විදුලි ඒකකයක ජනන මිළ අඩු කරන්නේ නැතිව විදුලිබිල අඩු කරන්න බැහැ. දැනට කරන්නේ වැඩි ගානට අරන් අඩු ගානට විකුණන එක, මිළදී ගැනීමේ, ජනනය වියදම අප රට බාරගනිද්දී තිබුණේ රුපියල් 37කට.

දැනට ඒක රුපියල් 29 දක්වා 22%කින් අඩු කරගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. අපේ සැළසුම ඒ අගය රුපියල් 25 දක්වා ගේන්නයි. ඒක කරලා වසර 03ක් ඇතුළත විදුලිබිල 30%කින් අඩු කරන්න අපි පොරොන්දු වුන විදියට කටයුතු කරනවා.”

4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments