By unusuma.lk on
(LK time)Fidelity ආයතනය පවසන්නේ Twitter ලෙස හැඳින්වූ සමාජ මාධ්‍ය වේදිකාව වසර දෙකකට පෙර Elon Musk මිලදී ගත් අවදියේදී එහි පැවති වටිනාකම මේ වනවිට 80% කට වඩා ප්‍රමණයකින් පහත වැටී ඇති බවයි.
Elon Musk විසින් 2022 ඔක්තෝම්බර් මාසයේදී Twitter සමාජ මාධ්‍ය වේදිකාව මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 44ක් මුදලක් වැය කර තිබුනි.
පසුව Elon Musk විසින් Twitter සමාජ මාධ්‍ය වේදිකාව X නමින් වෙනස් කළේය.
කෙසේවෙතත් 2024 අගෝස්තු මස වන විට X හි සමස්ත කොටස්වල වටිනාකම ඩොලර් මිලියන 4.2 ක් දක්වා පහත වැටී ඇති බව Fidelity ආයතනය පවසයි.
නමුත් මෙම වාර්තා සම්බන්ධයෙන් Elon Musk මේ වනතෙක් කිසිදු අදහසක් දක්වා නැත.