ආණ්ඩුව සියළුම තුරුම්පු අදී.. පොලීසිය මත දැවැන්ත පීඩනයක්.!

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (26) පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කළේ, ඉතිහාසය පුරා නීතිය ක්‍රියාත්මක වූයේ, කුඩු භාවිත කරන්නන්ට එරෙහිව මිස කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව නොවන බවයි.

ලබන වසරේ පටන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට ජනතාව බේරා ගැනීම වෙනුවෙන් රජයක් වශයෙන් සියළු පියවර ගන්නා බවත් මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීම වෙනුවෙන් අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගැනීමට කිසිදු දේශපාලනමය බාධාවක් වත්මන් රජයෙන් නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මාධ්‍ය සංදර්ශනයන්ගෙන් තොර මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම වෙනුවෙන් රට පුරා විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවත් මේ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අවංක මැදිහත්වීම අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගරය මත්ද්‍රව්‍ය උවදුර වැඩිම නගරයක් බවත්, පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වී ඇති බවත් ය.

විශ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ගවලදී කිසිදු දේශපාලනික මැදිහත්වීමක් නොකරන බව ද  නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී තහවුරු කර සිටියේය.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.