By unusuma.lk on
(LK time)පසුගිය වකවානුව තුළ මිනීමැරුම්, බරපතළ මූල්‍ය වංචා ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් 5 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව දැනගන්නට ලැබේ.
මෙම හිටපු අමාත්‍යවරු 5 දෙනා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සහ තොරතුරු වාර්තා පදනම් කරගෙන විමර්ශන කටයුතු මෙසේ කඩිනම් කර ඇතැයි පැවසේ.
මීට අමතරව, අල්ලස් කොමිෂන් සභාව විසින් ඉල්ලා අස්කර ගැනුණු සහ අධිකරණයේදී තාක්ෂණික කරුණු හේතුවෙන් ප්‍රතික්ෂේප වූ හිටපු අමාත්‍යවරුන් හා සම්බන්ධ නඩු ප්‍රතික්ෂේපවීමට බලපෑ කරුණු පිළිබඳවද මේ දිනවල විශ්ලේෂණය කෙරෙන අතර එම නඩු යළි පැවරීම සඳහාද අදාල නීති අංශ කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
එමෙන්ම අල්ලස් සහ මූල්‍ය දූෂණ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහාද විශේෂ විමර්ශණ කණ්ඩායම් කිහිපයක් කටයුතු කරමින් සිටිනා බවත්, පසුගිය වකවානුවේදී සිදුවී ඇති කාලයේ වැලිතලාවෙන් වැසී ගිය විවිධ මිනීමැරුම් සම්බන්ධයෙන් යළි විමර්ශන කිරීමටද රජයේ අවධානය යොමුව ඇතැයිද වාර්තා වේ.