By unusuma.lk on
(LK time)මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසට පසුගිය සතියේදී පැමිණ එහි මිනුම් කටයුතු ආරම්භ කොට ඇති බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී ඇති නිල නිවෙසට අමතරව රජයට අයත් යාබදව පිහිටි තවත් නිල නිවෙසක් ඊට ඈඳාගෙන ඇති බවට තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව මෙම මිනුම් කටයුතු සිදුකිරීමට තීරණය වී ඇත.
එමෙන්ම, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නිල නිවාස දෙකක් එක්කොට තනි නිවාසයක් සකස් කොට ඇති බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් ඔහු වාසය කරන පැජට් පාරේ පිහිටි නිල නිවෙසේද මිනුම් කටයුතු සිදුකිරීමටද මිනින්දෝරු දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මිනුම් කටයුතුවලින් පසුව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් පවතින බවද දැනගන්නට ඇත.